Annabelle Comes Home (2019)
Annabelle 3 Full Movie Downlod and Sinhala Subtitles
චිත්‍රපටය 2019 ජුනි 26 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් විය.ඒවගේම Mckenna Grace(ජුඩී), Madison Iseman(මේරි එලන්), Katie Sarife(වොරන් මහත්මිය), Patrick Wilson(වොරන් මහත්මයා), Vera Farmiga(ඩැනියෙලා) වැනි අය රංගනයෙන් දායක වී ඇත.එසේම Box Office හි මිලියන 322ක අදායමක් මෙම චිත්‍රපටිය විසින් උපයා ඇති බව සඳහන් වෙලා තියෙනවා.විනාඩි 206ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ ආයතනය Warner Bros. Pictures ආයතනය විසිනි.චිත්‍රපටයට ලැබී තියෙන මනාප ගැන කතා කළොත් IMDb අගය 6.1 ලෙසද Rotten Tomatoes වල 66% අගයක්ද Empire හි 2/5 අගයක්ද දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙල තියෙනවා.ඒවගේම ගූගල් පරිශීලකයින් 81%ක් පමණ මේ චිත්‍රපටයට මනාපය දක්වා තියෙනවා.ඉතින් දැන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්.
ඔයාලා හැමෝම ඇනබෙල් කතා බලලා ඇති.මුලින්ම 2014 වර්ෂයේ ඇන්බෙල් ප්‍රථම කතාව නිකුත් වුණා.ඊටපසු අවුරුදු 3කින් එනම් 2017 දී ඇනබෙල් දෙවන කතාව වන Annabelle Creation චිත්‍රපටය නිකුත් වුණා.ඉතින් මේ සියලුම කතා නිර්මාණය වෙලා තියෙන්නේ එක බෝනික්කෙක්ගෙන්.ඉතින් අද චිත්‍රපටය ආරම්භය තියෙන්නේ වොරන් මහතා සහ මහත්මිය විසින් මේ බෝනික්කව වෙන නිවසක තිබිලා අරගෙන යනෝ.මොකද ඒ බෝනික්කා හුඟාක් භයානක කෙනෙක් නිසා.වොරන් මහතා සහ මහත්මිය කවුද කියන එක චිත්‍රපටිය බැලුවම තේරෙවි.ඉතින් වොරන් පවුල ඉන්න නිවසේ වෙනම කාමරයක් තියෙනෝ ඔය යක්ෂ දේවල් හිර කරලා තියන්න.ඉතින් ඒ කාමරයේ තමා මේ ඇනබෙල් කියන බෝනික්කව සිර කරන්නේ.ඒවගේම ජුඩී කියන්නෙ වොරන් මහතාගේ සහ මහත්මියගේ දරුවා.ඉතින් වොරන් මහතාටයි මහත්මියටයි රාජකාරි වැඩ කටයුත්තකට යන්න වෙන නිසා ජුඩීව ගෙදර තනි කරන්න බැරි නිසා එයාව බලාගන්න ජුඩී හුඟාක් ආස කරන මේරි එලන්ව ගෙදරට එවනවා.ඉතින් මේරි එලන්ගෙ යාලුවා තමා ඩැනියෙලා.එයා ටිකක් වදකාරියෙක්.මේරි එලන්ගෙ යාලුවා කිව්වට මේරි එලන් එහෙම එයාට එච්චරම කැමතිත් නෑ.ඉතින් ඔහොම යද්දී ජුඩීගේ උපන්දිනේ කිට්ටු නිසා ජුඩීයි මේරියි කේක් හදන්න ගන්නෝ ඔය අස්සේ ඩැනියෙලාත් ගෙදට්ට එනෝ.ඩැනියෙලා ජුඩීට ස්කේටින් සපත්තු දෙකක් උපන්දින තෑග්ග විදියට දුන්නේ.ඉතින් ජුඩී මේරී එක්ක ස්කේටින් කරන්න එලියට යනෝ කේක් එක අවන් එකට දාලා ඩැනියෙලාට කේක් එක බලාගන්න කියලා.ඉතින් ඔය අස්සේ ඩැනියෙලා අර ඇනබෙල්ව හිර කරලා තිබ්බ කාමරේ ඇතුළට යනවා.එයාට ඒ කාමරේ ඇතුළට යන්න හේතුවකුත් තියෙනෝ ඒක කතාව බලද්දි දැනගන්න පුළුවන්.ඉතින් දැන් මොනා වෙයිද.දැනගන්න කැමැත්තෙන් ඇති කියලා හිතෙනෝ.ඒත් මන් ඉතුරු ටික කියන්නේ නෑ.ඒක ඔයාලා බලලම දැනගන්න.ටයිප් කරලා අත රිදෙනො, ඉතින් මන් මෙතනින් නවත්තනෝ මගේ කතාව.
| Torront Download |
![]() |
| Sinhala Subtitle |


0 Comments:
Post a Comment