Annabelle 3 Full Movie Downlod and Sinhala Subtitles


චිත්‍රපටය 2019 ජුනි 26 වන දින ප්‍රථම වරට ඇමරිකාවේ නිකුත් විය.ඒවගේම Mckenna Grace(ජුඩී), Madison Iseman(මේරි එලන්), Katie Sarife(වොරන් මහත්මිය), Patrick Wilson(වොරන් මහත්මයා), Vera Farmiga(ඩැනියෙලා) වැනි අය රංගනයෙන් දායක වී ඇත.එසේම Box Office හි මිලියන 322ක අදායමක් මෙම චිත්‍රපටිය විසින් උපයා ඇති බව සඳහන් වෙලා තියෙනවා.විනාඩි 206ක් පුරාවට දිවයන මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ ආයතනය Warner Bros. Pictures ආයතනය විසිනි.චිත්‍රපටයට ලැබී තියෙන මනාප ගැන කතා කළොත් IMDb අගය 6.1 ලෙසද Rotten Tomatoes වල 66% අගයක්ද Empire හි 2/5 අගයක්ද දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙල තියෙනවා.ඒවගේම ගූගල් පරිශීලකයින් 81%ක් පමණ මේ චිත්‍රපටයට මනාපය දක්වා තියෙනවා.ඉතින් දැන් පොඩ්ඩක් කතාව ගැන කියන්නම්.


ඔයාලා හැමෝම ඇනබෙල් කතා බලලා ඇති.මුලින්ම 2014 වර්ෂයේ ඇන්බෙල් ප්‍රථම කතාව නිකුත් වුණා.ඊටපසු අවුරුදු 3කින් එනම් 2017 දී ඇනබෙල් දෙවන කතාව වන Annabelle Creation චිත්‍රපටය නිකුත් වුණා.ඉතින් මේ සියලුම කතා නිර්මාණය වෙලා තියෙන්නේ එක බෝනික්කෙක්ගෙන්.ඉතින් අද චිත්‍රපටය ආරම්භය තියෙන්නේ වොරන් මහතා සහ මහත්මිය විසින් මේ බෝනික්කව වෙන නිවසක තිබිලා අරගෙන යනෝ.මොකද ඒ බෝනික්කා හුඟාක් භයානක කෙනෙක් නිසා.වොරන් මහතා සහ මහත්මිය කවුද කියන එක චිත්‍රපටිය බැලුවම තේරෙවි.ඉතින් වොරන් පවුල ඉන්න නිවසේ වෙනම කාමරයක් තියෙනෝ ඔය යක්ෂ දේවල් හිර කරලා තියන්න.ඉතින් ඒ කාමරයේ තමා මේ ඇනබෙල් කියන බෝනික්කව සිර කරන්නේ.ඒවගේම ජුඩී කියන්නෙ වොරන් මහතාගේ සහ මහත්මියගේ දරුවා.ඉතින් වොරන් මහතාටයි මහත්මියටයි රාජකාරි වැඩ කටයුත්තකට යන්න වෙන නිසා ජුඩීව ගෙදර තනි කරන්න බැරි නිසා එයාව බලාගන්න ජුඩී හුඟාක් ආස කරන මේරි එලන්ව ගෙදරට එවනවා.ඉතින් මේරි එලන්ගෙ යාලුවා තමා ඩැනියෙලා.එයා ටිකක් වදකාරියෙක්.මේරි එලන්ගෙ යාලුවා කිව්වට මේරි එලන් එහෙම එයාට එච්චරම කැමතිත් නෑ.ඉතින් ඔහොම යද්දී ජුඩීගේ උපන්දිනේ කිට්ටු නිසා ජුඩීයි මේරියි කේක් හදන්න ගන්නෝ ඔය අස්සේ ඩැනියෙලාත් ගෙදට්ට එනෝ.ඩැනියෙලා ජුඩීට ස්කේටින් සපත්තු දෙකක් උපන්දින තෑග්ග විදියට දුන්නේ.ඉතින් ජුඩී මේරී එක්ක ස්කේටින් කරන්න එලියට යනෝ කේක් එක අවන් එකට දාලා ඩැනියෙලාට කේක් එක බලාගන්න කියලා.ඉතින් ඔය අස්සේ ඩැනියෙලා අර ඇනබෙල්ව හිර කරලා තිබ්බ කාමරේ ඇතුළට යනවා.එයාට ඒ කාමරේ ඇතුළට යන්න හේතුවකුත් තියෙනෝ ඒක කතාව බලද්දි දැනගන්න පුළුවන්.ඉතින් දැන් මොනා වෙයිද.දැනගන්න කැමැත්තෙන් ඇති කියලා හිතෙනෝ.ඒත් මන් ඉතුරු ටික කියන්නේ නෑ.ඒක ඔයාලා බලලම දැනගන්න.ටයිප් කරලා අත රිදෙනො, ඉතින් මන් මෙතනින් නවත්තනෝ මගේ කතාව.

Torront Download

Sinhala Subtitle


 Annabelle 2 - 2017 Full Movie & Sinhala Subtitles Download 



ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනෙ නිසා ටිකක් කල් අරගෙන හිමීට කළා


ෆිල්ම් එකේ නම annabelle creations (2017) IMDb ඒකෙන් 6.9/10 ඉහළ අයගයක් මේකට ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව කතාව ගැන ටිකක් කියන්නම්, හිටපු සෙල්ලම් බඩු නිෂ්පාදකයෙක් වෙන සෑම් මෝලින්ස් සහ ඔහුගේ බිරිඳ එස්තර් අනාත ගැහැණු දරුවන් හයක් සහ කන්‍යා සොහොයුරියක් සාදරෙන් පිළිගන්නව තමන්ගෙ කැලිෆෝනියා නිවසට, අවුරුදු ගණනාවකට පෙරාතුව, එම යුවළගේ අවුරුදු 7 ක් වයසැති දියණිය වන ඇනබෙල් මාරක රිය අනතුරකින් මිය යනවා. ඒ ගෙදර තහනම් කරපු කාමරයක් තියෙනව, ඒ අර ගැහැණු ළමයි හය දෙනාගෙන් එක් කෙනෙක් අර තහනම් කරපු කාමරයට යනව, ඒ කාමරයේ ජීවය තිබෙන බෝනික්කෙක් ඉන්නව, ඔතනින් තමා සේරම නරක අතට හැරෙන්නෙ. එතනින් එහාට මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.


සැ.යු – මේ ෆිල්ම් එකේදි ඔයාලට (Valak – වලාක්) කියල යක්ෂණියකගෙ පින්තූරක් ෆිල්ම් එක මැදදි බලාගන්න පුලුවන් වෙයි, ඒ වලාක් කියන යක්ෂණියම තමා The Conjuring 2 එකේදිත් ඔයාලට මුණගැහුනෙ, ඒ වගේම ඒ යක්ෂණියව අලලා The Nun (2018) ආවා.


Torront Download

Sinhala Subtitle


 Annabelle 2014 Full Movie Downlod and Sinhala Subtitles


යාලා  දැන් දන්නවත් ඇති මේ මොකක්ද කියලා. දැක්ක ගමන් තේරෙනවානේ මොන ගනයට අයිති චිත්‍රපටයක්ද කියලා. මේක හොල්මන් එහෙමත් නැත්නම් අද්භූත ගනයට අයත්වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එන Annabelle  නැමැති බෝනික්කා මිට කලින් ආපු The Conjuring චිත්‍රපටයෙත් සම්බන්ධ කෙනෙක්. Annabelle  යන අන්වර්ත නාමයෙන් හඳුන්වන සුප්‍රසිද්ධ භයංර බෝනික්කාගේ සත්‍ය නම Robert (doll) හෙවත් රොබට් බෝනික්කා නම් වේ. මේ රොබට් බෝනික්කා එක්තරා අන්දමකින් භූතාවේශ වන්නේ යැයි සමාජ මතයක් පවතිනවා. එය සත්‍යක් බව බොහෝ දෙනා පවසනවා. එම ප්‍රසිද්ධිය නිසාම Chucky වැනි සුපිස්ද්ධ හොල්මන් කතාවලට මෙම බෝනික්කාගෙ කතා බෙහෙවින් පාදක වෙලා තිබෙනවා. ඉතිං අද දෙන්නත් යන්නේ රොබට් බෝනික්කාගේ බොරු නම ඇනාබෙල් බෝනික්කාගේ සිද්ධියක් ඇතුලත් කතාවක්. මේක සත්‍යදැයි නම් කියන්න අමාරුයි. ඒත් මුලික පාදක වුන බෝනික්කා නම් සත්‍ය කෙනෙකු යැයි පවසන්න පුළුවන්.


The Conjuring චිත්‍රපටයට පෙර කතාපුවත තමයි මේ Annabelle චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ඔයාලාට මතක ඇති Annabelle බෝනික්කා එක්තරා විදුරු පෙට්ටියක යම් ගබඩාවක තබලා තියෙන අවස්ථාවක් The Conjuring චිත්‍රපටයේ. ඉතිං අද දෙන කතාව එන්නේ ඒ බෝනික්කා The Conjuring චිත්‍රපටයේ වීදුරු පෙට්ටියට යන්න පෙර වුන සිද්ධි දාමයයි. කතාවට අනුව Annabelle බෝනික්කාට කිසිම ශක්තියක් වත් භූතාවේශයක් වත් මුලදි ඇතිවන්නේ නැහැ. මේ බෝනික්කා එන්නේ කුඩා දරුවෙක් උපත ලබන්න සිටින පවුලක් වෙතයි. බෝනික්කා කුඩා දරුවාගේ ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ දරුවාගේ පියාගෙන්මයි. ඒත් නොසිතූ අයුරින් චිත්‍රපටයේ නොසිටි පුද්ගලයෙකු එම කුසේ සිටින දරුවා මරන්නට නිවසට පැමිණෙවා. එහෙත් සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් අදාල සිහිවිකල් පුද්ගලයාට මරණයට පත්වීමටය. හැබැයි මෙතනින් තමයි බෝනික්කත් හොල්මනත් අතර ගනුදෙනුව ඇතිවෙන්නේ. ඉතිං මේ නූල්බෝලය ලිහාගන්න නම් ඔයාලාට දැන් චිත්‍රපටය නරඹන් නටම සිදුවෙනවා.


පුදුම වැඩේ කියන්නේ Annabelle චිත්‍රපටයේ ප්‍රධාන නිළියගෙ චරිතය කරන්නෙත් සුප්‍රසිද්ධ නිළි Annabelle Wallis විසිනුයි. ඇය එමෙන්ම ප්‍රධාන නළුවගේ චරිතය කරන්නේ Ward Horton විසිනුයි.චිත්‍රපටයේ බෙදාහැරීම් හා නිෂ්පාදන කටයුත්ත කරලා තියෙන්නේ පිළිවෙලින් WarnerBros සමාගම හා New Line Cinema යන සමාගම්ය. එමෙන්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Conjuring (2013) චිත්‍රපටය අධ්‍යක්ෂණය කල John R. Leonetti විසිනුයි. 


Torrent Download

Sinhala Subtitle

 The Conjuring 2 Full Movie Downlod and Sinhala Subtitles



ඔන්න එහෙනං ඔයාලා අතරට තවත් චිත්‍රපයටක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ.අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතින්.The Conjuring කිවුවහම නොදන්නෙ කෙනෙක් නෑ.දැනට නිරිමාණය වෙලා තියෙන හොඳම හොරර් ෆිල්ම් වලින් එකක් තමයි ඒ.ඔන්න අද උපසිරැසිය අරගෙන ආවේ ඒකෙ තුන්වෙනි කොටසටයි.ඒත් ඊට කලින් මේ චිත්‍රපටය තනි චිත්‍රපටයක් නෙවෙයි මේක වෙනම සිනමා විශ්වයකට අයත් වෙන චිත්‍රපටයක්.ඉතින් ඒ ගැන නොදැන මේක බලලා වැඩක් නෑනේ.ඉතින් මම චිත්‍රපටය ගැන වැඩිය නොකියා.Universe එක පොඩ්ඩක් පැහැදිළි කරන්නම්.ඒ වගේම පහල තියෙන චිත්‍රපට නරඹලා නැත්තන් ළිපිය වැඩිය කියවන්න එපා පහලම කොටස විතරක් කියවන්න කියලා ඉල්ලන්නම්.ඒ වගේම මේක දිග ලිපියක් වෙයි.ඒත් මේක කියවලා යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.

MCU එක දශක ගණනාවක් පුරාවට බොක්ස්-ඔෆිස් බලය පවත්වාගෙන යන්න සමත් උනා, ඒ වගේම ගොඩක් අය තමන්ට කියපු සිනමා විශ්වයක් නිර්මාණය කරලා ඒ සාර්ථකත්වය ලබන්න උත්සාහ කලා – ඒ වගේම Warner Bros සමාගම New Line Cinema සමාගම එක්ව කරපු දේ මගහරින්නම බෑ.2013 දී ඔවුන් ලොව පුරා ඩොලර් මිලියන 300 කට අධික ආදායමක් උපයා ගත් The Conjuring නමින් අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් නිකුත් කරනවා.

1960 දශකයේ දී අද්භූත ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට පටන් ගත්ත සැබෑ ජීවිත යුවළක් වන එඩ් සහ ලොරේන් වොරන්ගේ කතාව The Conjuring චිත්‍රපට වලින් ඉදිරිපත් කෙරෙනවා. මුල් conjuring චිත්‍රපට දෙක ඔවුන්ගේ වඩාත් භයානක අත්දැකීම ඇතුලත් ලිපිගොණුවල තොරතුරු පාදක කරගෙන නිර්මාණය කරලා තියෙනවා වගේම,විශ්වයේ අනිත් චිත්‍රපට,ඇනබෙල් සහ the nun චිත්‍රපට ඇතුලුව, වොරන්ස්ලා මුහුණදුන්න අත්භූත විදුවීම් ඇති කරපු භූත වස්තූන්වල ආරම්භක කතා විදිහට ඉදිරිපත් කෙරෙනවා.මම ඒ මේ විශ්වයේ චිත්‍රපට කාලානුක්‍රමිකව දක්වන්නම්.නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේ පිළිවෙලට මේ චිත්‍රපට නරඹන එක වාසියක් වේවි



Torrent Download

Sinhala Subtitle 


 The Conjuring 2 Full Movie Downlod and Sinhala Subtitles 




න්ජරින් 2 එක ගැන කතා කරන්න දෙයක් නැති තරම්නේ.මාස ගානක් ඔයාලා බලාගෙන හිටියා මේ චිත්‍ර‍පටය එනකල්. මිනිස්සු 37ක් මේ චිත්‍ර‍පටය බලද්දි මැරුනා.


කන්ජරින් 1 චිත්‍ර‍පටය බැලුවානම් කතාව ගැන පොඩි අවබෝධයක් ලැබේවි. ඒක බලලා නැත්නම් ඒක බලලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. හැබැයි නොබැලුවා කියලා ප්‍ර‍ශ්නයක් නම් වෙන්නේ නෑ. මොකද මේ චිත්‍ර‍පටයයේ තියෙන්නේ අලුත් සිද්ධියක් ගැන. 1976 ඇමිටිවිල් වල සිද්දියෙන් පසුව (පළමු චිත්‍ර‍පටය) එඩ් සහ ලොරේන් දෙපල ලන්ඩන් වල සිදුවුන අත්භූත සිදුවීමකට සම්බන්ධ වෙනවා. හඩ්සන් පවුලේ දෙවැනියා,ජැනට් නින්දෙන් ඇවිදින්න ගන්නවා. නිදාගන්නේ ඇඳේ වුනාට නැගිටින්නේ වෙන තැනකදි. ටිකෙන් ටික මුලු පවුලේම අය විවිධ දෑ අත්විඳින්න ගන්නවා. ජැනට් මඟින් වෙනත් ආත්මයක් කියනවා මේ නිවස ඔහුගේ කියලා. අම්මා තමන්ගේ ඇස් දෙකෙන්ම අදහගන්න බැරි භයානක දෙයක් අතිවිඳිනවා. ඒකත් එක්කම ඔවුන් නිවස අතෑරලා පලා යනවා අසල්වාසියෙක්ගේ ගෙදර. ඒකත් සමඟ මාධ්‍ය වලිනුත් දැනගෙන මේ පිළිබඳව රූපාවිහිනී නාලිකාවල වැඩසටහන් කරනවා. ඒකත් එක්ක තමයි ලොරේන් සහ එඩ් මෙයට සම්බන්ධවෙන්නේ පල්ලියේ ඉල්ලීමක් පිට. නමුත් ඔවුන් පැමිණියාට පස්සේ තේරෙනවා මෙය සාමාන්‍ය ඔවුන් විසඳපු දේවල් වලින් එකක් නෙවෙයි කියලා. ඊට හාත්පසින්ම වෙනස් භයානක අමනුෂ්‍ය ආත්මයක් මෙයට සම්බන්ධවෙලා තියෙනවා කියලා.


හොල්මන් චිත්‍ර‍පටයක් නිසා කතාව කියන්න යන්නේ නෑ. බලන්නකෝ එහෙනම්. ආ තව දෙයක්. මේක බලලා 37ක් මැරුනා කියන්නේ නම් කට කතාවක් විතරයි. ඉන්දියාවේ අවුරුදු 65ක් වයසැති පුද්ගලයෙකු මිය ගියා කියලා නම් පුවත් වෙබ් අඩවි වාර්ථා කලා. ඒත් ඔහුගේ සිරුර වැඩිදුර පරික්ෂණ සඳහා වෙනත් රෝහලකට යවද්දි තුරුදහන් වෙලාලු. ඒක නිසාම මේ චිත්‍ර‍පටයට ලොකු ප්‍ර‍චාරණයකුත් ලැබුනා.


ඇ.ඩො.මි. 40ක් වියදම් කරපු කන්ජරින් 2 චිත්‍ර‍පටයට බොක්ස් ඔෆීස් ආදායම විදියට ඇ.ඩො.මි. 319ක් හොයන්න වැඩි කාලයක් ගත වුනේත් නෑ. චිත්‍ර‍පටය ඇමරිකාවේ තිරගතවීම ආරම්භ කලේ 2016  ජූනි මස 10 වැනිදා ඉඳලා,


Torrent Download

Sinhala Subtitles


THE CONJURING 1 Full Movie Downlod & Sinhala Subtitles




මේ සලරුවේ IMDB අගය කිව්වම ඔයාල මම කිව්ව දේවල් පිළිගනියි. 
යාළුවනේ මේ සිනමා පටයට IMDB අගය 7.7 ක් තියෙනවා. ඉතින් මේ සුපිරි වැඩේ කරල තියෙන්නෙ හොරර් සිනමා ලෝකය හොල්ලපු james Wan කියන අධ්‍යක්ෂකවරයා. 
මතකද ඔයාල බලපු Saw (2004), Insidious (2010), Dead Silence (2007) කියන සිනමා පට. 
අන්න ඒවා අධ්‍යක්ෂණය කලෙත් මේ අධ්‍යෂකවරයාම තමයි. ඉතින් මේක ගැන මට තවත් ඔයාලට වර්ණනා කරන්න උවමන නැහැ. මං දැන් පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සලරුවට පාදක වෙල තියෙන්නෙ 1971 වකවානුවේ වුණ සත්‍ය සිදුවීමක්. ඒක නිසා හැමෝටම මේක නරඹන්න කියල මම ආරාධනා කරනවා. 
 රොජර් සහ කැරොලියන් කියන තරමක් මැදි වයසේ පසුවන යුවලක්. ඔවුන් තමන්ගේ දරුමල්ලන් සමග පිටිසර බද නිවෙසක් මිලදී ගෙන එහි පදින්චි වීමට යනවා. ඔවුන්ට ඉන්නෙ සුළුපටු පවුලක් නෙමෙයි. ළමයින් 5 දෙනක්ම ඉන්නව. ඔවුනගේ නම් තමයි සින්ඩි, නැන්සි, ඒප්‍රිල්, ක්‍රිස්ටියන්, සහ ඇන්ඩ්‍රියා. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන්නේ හිතගන්නවත් බැරි ජීවිතේ එපා කරවන සිදුවීම් මාලවකටයි. මුලින්ම මේ ගෙදර වෙනස දැනෙන්නේ මේ පවුලේ සුරතලා වන සෙයිඩ් කියන බල්ලට. 
සෙයිඩ් දිගින් දිගටම බුරන්න ගන්නව අසාමාන්‍ය විදියට. නමුත් ඒට පහුවෙනිදාම අවාසනාවන්ත ලෙස ගෙදර වත්තේ ගසක් යටින් සෙයිඩ්ගේ මිනිය හම්බවෙනවා මොවුන්ට. ඒ වගේම රෑට මේ ගෙදර අයට කවදාවත් නිදගන්න නම් හම්බවෙන්නෙ නැහැ. සින්ඩි හැමදාම ඇවිදින්න ගන්නව. ක්‍රිස්ටියන් නිදාගෙන ඉන්නකොට කවුරුහරි කකුලෙන් ඇදලා දාන්න හදනවා.
එතකොට ඒප්‍රිල්, රෝරි කියල කෙනෙක් එක්ක තනියම කතකරනවා. ඒ වගේම තමයි මේ ගෙදර ඔරලෝසුවල කොච්චර වෙලාව හැදුවත් 3.07 ට වෙලාව නවතිනව. ඉතින් මේ පවුලේ අයට මේ ගෙදර ඉන්න එකත් එපාවෙලා. ඒක නිසා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක් වන එඩ් වෝරන් සහ ලොරේන් කියන දෙදෙනාගේ උදව් ලබා ගන්න මොවුන් තීරණය කරනවා. මෙතන ලෝරේන් කියන කාන්තවට තියෙනව අමුතු විශේෂ හැකියාවකුත්. ඉතින් මොවුන් අනාවරණය කරගන්නවා මීට අවුර්දු 100 කට එහ වැළලී ගිය මේ නිවසේ සිදුවුණු අදුරු සිදුවීම් පෙළක්. ඇත්තටම මොවුන් පසුපස හභා එන මේ ශාපය මොකක්ද?

 මේ පවුලට මෙයින් ගැලවීමට හැකිවේද? ඒ ගැන හොයන්න ආපු වොරන් හා ලෝරේන් යුවලට කුමක් වෙයිද? ඒක දැන ගන්න එක ඔබට බාරයි.

Torront Download



 
Created By | Distributed By Gooyaabi Themes Design By MR SURESH